gossiplanka image 1
 

ගෙවල රිංගාගෙන සිටින ප්‍රේතයෝ ගෙයි ඇති කෑම අපවිත්‍ර කරති.


බොහෝ විට අසන්ට ලැබෙන්නේ කුස්සියේ බත් මුට්ටියට වැලි දැමීම වැනි දේ ඔවුන් කරන බවයි. කලාතුරකින් අසූචි වැනි දේ ද දමන බව කියති.


ගෙවල්වලට ගල් ගසන ප්‍රේතයෝ ද සිටිති


රාත්‍රී කාලයේ ගෙවල්වලට ගලින් දමා ගැසීම, ගෙදර ඇති මුදල් වැනි වටිනා දේ සැඟවීම වැනි දේ ද ප්‍රේතයන් කරන බව සමහරු කියති. මේවා සම්බන්ධ සත්‍යය ඒබ්‍රහම් ටී කොවුර්ගේ දෙවියෝ සහ භූතයෝ පොතේ දක්වා ඇත.


ප්‍රේතයන්ගෙන් වන අතවරවලින් මිදීමට ඔවුන් අල්ලා බැඳීම, ඇණ ගැසීම, ඉවතට ගෙන ගොස් දැමීම වැනි දෙයක් කළ යුතු ය.


ප්‍රේතයින් එලවිය හැක්කේ යකැදුරන්ට ය. සමහර යකැදුරෝ ගේ තුළ සිටින ප්‍රේතයා අල්ලා බෝතලයක දමා තදින් ඇබයක් ගසා එම බෝතලය ගෙන ගොස් මුහුදට හෝ විශාල ගල් පර්වතයක විවරයකට දමති. එයින් පසු ප්‍රේත දෝශ නැති වන බව කියති.  සමහර යකැදුරන් ප්‍රියා අල්ලා දමාගත් බෝතලය ගෙදර අයට පෙන්වන අතර එහි එවිට කුරුමිණියකු දක්නට ලැබෙයි. එවිට යකැදුරා කියන්නේ ප්‍රේතයා කුරුමිණි වේශය

ගෙන ඇති බවයි. ප්‍රේතයන් බැඳීම සම්බන්ධයෙන් මාටින් වික්‍රමසිංහ මහතා කියන්නේ මෙසේය. ප්‍රේතයන් බඳින අතර ම යකැදුරා පන්දම අතින් ගෙන දුම්මල ගසමින් ගෙයි අස්සක් මුල්ලක් ගානේ එබි එබී දුවයි. දුවගොස් ගසක යකඩ ඇණයක් ගසයි. මීට පෙරේතයා බැඳීම යයි කියති.


ප්‍රේතයා එම ප්‍රේතාත්මභාවයෙන් මුදා හැරීමට අවශ්‍ය නම් ඔහු වෙනුවෙන් පිං අනුමෝදම් කිරීමෙන් කළ හැකි ය.


ප්‍රේතයන්ට පිං අනුමෝදම් කළ හැකි බව කෙනෙකු මිය ගිය අවස්ථාවේ අවසාන කටයුතු ඉටුකරන විට කෙරෙන පැන් වැඩීමේදී කියන ගාථාවෙන් කියැවේ.


“උත්තනමෙ උදකං වත්ථං - යථා නින්නං පවතනී

ඒව මේව ඉතෝ දින්නං - පෙතානං උපකල්පනි”


 (උසස් තැන්වලට වසින වැස්ස ඒකාන්තයෙන් ම නිම්න හෙවත් පහත් බිම් කරා ගලා බසී. එමෙන්ම මිනිස් ලොව නම් උස් ස්ථානයෙන් දෙන ලද පිං පහත් ආත්මයක ඉපදී සිටින ප්‍රේකයන් වෙත පැමිණෙත්වා.)"

බෞද්ධයන් යම් පිංකමක් කිරීමෙන් ඉක්බිති මළගිය ඥාතීන්ට පිං දීමේ යෙදෙන්නේ මෙම ප්‍රේත සංකල්පය මුල් කරගෙන ය.


ප්‍රේතයා පිං පමණක් නොව වෙනත් දේ ද බලාපොරොත්තුවෙන් සිටියි.මළගිය ඇත්තන් වෙනුවෙන් සත් දවසින් හා තුන් මාසයෙන් දෙන දානවලදී දානයට පෙර දින රාත්‍රියේ මළගිය තැනැත්තා වෙනුවෙන් පිදෙයක් තනා එයට බත් වෑංජන, රසකැවිලි, පමණක් නොව මළගිය ඇත්තා ගිජුව සිටි අරක්කු, බුලත් විට ආදිය ද තබති. එයට ම කොට්ටයක් හා පැදුරක් ද තබා නෑකම කියා (බාප්පේ, මාමේ වැනි) තුන් වරක් හඩ නගා අඩගසා පිදේනිය බාරගන්නා ලෙස ඉල්ලති.